― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News'වෙලේ මාලු' නැමැත්තාගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

‘වෙලේ මාලු’ නැමැත්තාගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘වෙලේ මාලු’ හෙවත් කුමාර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා (17) කෙසෙල්වත්ත පොලිස් වසමේ සාන්චිආරච්චි වත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘වෙලේ මාලු’ හෙවත් කුමාර යන අයගේ ප්‍රධානතම ගෝලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන කොළඹ 12, සාන්චිආරච්චි වත්ත, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අත්අඩංගුවට ගත් තැනැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත හා හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.