― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහිරුණිකාට එරෙහි නඩුවකට අධිකරණය දුන් තීන්දුව

හිරුණිකාට එරෙහි නඩුවකට අධිකරණය දුන් තීන්දුව

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් හිරිහැර සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව මේ මස 28 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මේ බව නිවේදනය කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු පැහැරගෙන ගොස් අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.