ෆයිසර් එන්නත් සමාගමට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ කැස්සාස් ජනපදයේ නීතිපති ක්‍රිස් කොබෙච්ගේ මැදිහත් වීමෙන් එම ආයතනයට විරුද්ධව මෙලෙස නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
අතුරු ආබාධ ඇතිවීමේ අවදානම දැන දැනත් ඒ බව වසන් කරමින්, ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන් බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.