25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - බවුසර් අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

ලොරි – බවුසර් අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

මිහින්තලේ, පලුගස්වැව ප්‍රදේශයේදී එළවළු ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් තුවාල් ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ A9 මාර්ගයේ, මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේදී එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් අද අලුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.