― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාවට ලකුණු 47ක ජයක්

ඉන්දියාවට ලකුණු 47ක ජයක්

පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනා අතර ඊයේ (20) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු 47ක ජයක් ලබන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

බ්‍රිජ්ටවුන් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තා.

සූර්‍යකුමාර් යාදව් පන්දු 28ක දී ලකුණු 53ක් ලබා ගත්තා. ඊට දැවැන්ත හයේ 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.

කඩුලු බිඳ දැමීමේ දී Fazalhaq Farooqi සහ Rashid Khan කඩුලු 03 බැගින් සහ නවීන් අල් හක් එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 134ක් පමණයි.