― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentඑකම පවුලේ තිදෙනෙක් රෝහලට යැවූ අනතුර

එකම පවුලේ තිදෙනෙක් රෝහලට යැවූ අනතුර

බිබිල – මොණරාගල මාර්ගයේදී ජීප් රථයක් සහ ස්කූටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (21) උදෑසන බිබිල – මොණරාගල ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

ජීප් රථයක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.