27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඑකම පවුලේ තිදෙනෙක් රෝහලට යැවූ අනතුර

එකම පවුලේ තිදෙනෙක් රෝහලට යැවූ අනතුර

බිබිල – මොණරාගල මාර්ගයේදී ජීප් රථයක් සහ ස්කූටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (21) උදෑසන බිබිල – මොණරාගල ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

ජීප් රථයක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.