31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 10ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

දිස්ත්‍රික්ක 10ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 161 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගින් 26,964 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

එමෙන්ම වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මහනුවර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවටයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා ඇත්තේ.

ජුනි මාසයේ ගෙවුණු දින 20 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,044 දෙනෙකු වාර්තා වී ඇති අතර එය පසුගිය මාසය හා සැසඳීමේදී සීඝ්‍ර වර්ධනයක් වන බවයි ඔවුන් පවසන්නේ.