― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහල් නිවාස 8,000කට සින්නක්කර ඔප්පු

මහල් නිවාස 8,000කට සින්නක්කර ඔප්පු

ලබන මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති කොළඹ මහල් නිවාස 8,000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද ඔප්පු 1,070ක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ ජනාධිපතිවරයා පසුගිය අයවැයේදී කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව පැවසූ බවත් මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ඒ අනුව බවත්ය.

ඒ අනුව ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබා දීම මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතයි.