23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් – යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ඊයේ (24) පස්වරුවේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මන්නාරම දෙස සිට මැදවච්චිය දෙසට ගමන්ගත් බස් රථයක් වවුනියාවේ සිට මන්නාරම දෙසට ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානට්ටාන් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සුන්දරලිංගම් දීපන් නැමැති පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන්වා.