27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලයක තිබී බීඩිකොළ තොගයක් හමුවෙයි

කැලයක තිබී බීඩිකොළ තොගයක් හමුවෙයි

මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී ඊයේ (24) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 46 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී කුඩා කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ පාර්සල් තොගයක් පරික්ෂා කෙට ඇත.

එහිදී පාර්සල් 98ක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 46 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දිවයිනේ වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබියදී සැකකරුවන් නාවික හමුදව දැක බීඩිකොළ තොගය දමා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.