27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාට ඇප

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාට ඇප

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරග කර සිටි විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කර තිබේ.

සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් අද (21) සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය සිදුකළේය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කළේය.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කළ විනිසුරුවරයා එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.