31.1 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමඩු මෑණියන්ට ඔටුනු පැළඳවීමේ මංගල්‍යය අදයි

මඩු මෑණියන්ට ඔටුනු පැළඳවීමේ මංගල්‍යය අදයි

මන්නාරම මඩු දේවස්ථානයේ මඩු මෑණියන් වෙත ඔටුනු පැළඳවීමේ සියවස් සැමරුම් වැඩසටහන අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) උදෑසන පැවැත්වුණා.

මඩු මෑණියන් වෙත ඔටුනු පැළඳවීම 1924 ජූලි 02 වැනිදා පළමුව සිදුකොට ඇති අතර එහි සියවස් සැමරුම අද උදෑසන දේව මෙහෙය සිදුකොට පවත්වනු ලැබීය.

මන්නාරම දිසාව භාර රදගුරු එමමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ මෙහෙයවීම යටතේ සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබිණ.

යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන්, අනුරාධපුරය දිසාව භාර රදගුරු නෝබර්ට් අන්ද්‍රාදි පියතුමන් ඇතුළු රදගුරු පියතුමන්ලා රැසක් මෙම දිව්‍ය පූජාවට එක්ව සිටියා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස්, ව්‍යවසායක දිලිත් ජයවීර, මන්නාරම දිසාපති, උතුරු පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.