ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වන තරගය ලකුණු 07 කින් ජයගැනීමට Galle Marvels කණ්ඩායම ඊයේ (04) සමත් වුණා.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය Galle Marvels සහ Colombo strikers කණ්ඩායම් ගැටුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ Colombo strikers කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179ක් රැස් කළා.
Galle Marvels කණ්ඩායම වෙනුවෙන් ඉසුරු ලකුණු 52ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක් ලබාගත්තා.
ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් කරා පිතිකරණයේ නිරත වූ Colombo strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.