― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුපිරි නිවාස සංකීර්ණයෙන් ඇදවැටුණු ළමුන් දෙපළගේ CCTV දර්ශන එළියට

සුපිරි නිවාස සංකීර්ණයෙන් ඇදවැටුණු ළමුන් දෙපළගේ CCTV දර්ශන එළියට

පෙරේදා රාත්‍රියේ කොම්පඤ්ඤ වීදියේ අල්ටෙයාර් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ 67 වන මහලෙන් ඇද වැටී මියගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවිය අදාළ ගොඩනැගිල්ලට පැමිණි CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙය හදිසි අනතුරක්ද එසේත් නැතහොත්, සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක වන අතර ඔවුන් දෙදෙනා කොළඹ 07 ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේනියේ ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙක්.

මෙම දරුවන් දෙදෙනා පෙරේදා පාසල් අවසන් වී එම ගොඩනැගිල්ලට පැමිණ තිබුණේ ත්‍රීරෝද රථයකින්. අනතුරුව ඔවුන් එහි පස්වන මහලේ ඇති ව්‍යායාම මධ්‍යස්ථානයට ගොස් පාසල් ඇඳුම් මාරු කර පාසල් බෑග් එම ස්ථානයේ තබා නැවත එම ගොඩනැගිල්ලේ සැරිසරා තිබෙනවා.

මද වේලාවකින් සිසුවා පමණක් නැවත එම ගොඩනැගිල්ලෙන් පහළට පැමිණ ඇති අතර එහි සිටි කිසියම් පුද්ගලයෙකු හමුවී ඔහුගෙන් යමක් රැගෙන නැවත නිවාස සංකීර්ණයේ 5 වැනි මහලට ගොස් තිබුණා.

ඔවුන් දෙදෙනා ගොඩනැගිල්ලේ 67 වන මහලට ගොස් තිබෙන්නේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් පසුව එම මහලේ පිටතින් ඇති තරප්පු පෙළ අසළ මේ දෙදෙනාගේ මුදල් පසුම්බි හා පාවහන් හමු වී ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පහළට පැන්නාද නැතහොත් ඇද වැටුනාද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ දෙදෙනා මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුගේ දරුවෙකු හමුවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ මහලට අදාල සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමේදී සැකකටයුතු කිසිවක් දැකගැනීමට නොහැකි වූ බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු අප සමඟ පවසා සිටියා.

එමෙන්ම සිද්ධියට ටික වේලාවකට පෙර එම මහලින් ඇද වැටී මිය ගිය සිසුවියට දුරකථන ඇමතුමක් ද ලැබී තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනා ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඇති වායු සමීකරණ යන්ත්‍ර සවිකර ඇති කොටසට වැටී ඇති අතර ඇද වැටීමේදී එහි ඇති උපකරණවලට කැපී බරපතල තුවාල ද සිදුව තිබෙනවා.

ඇද වැටීමෙන් දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් සිටියා. මියගිය දරුවන්ගේ දෙමාපියන්ගෙන් පොලිසිය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර අනතුරුව දේහයන් නිවෙස් වෙත ලබා දීමට කටයුතු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.