― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsPHI ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

PHI ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ගල්කිස්ස ප්‍රදේශයේදී ගිනි අවි 02ක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර පසුගිය පෙබරවාරි 26 වැනිදා අලුයම වෙඩි තබා ඝාතනය කර සැකකරුවන් පලා ගොස් තිබුණා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් යතුරුපැදියකින් පලා යන ආකාරය දැක්වෙන CCTV දර්ශන ඔස්සේ පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.