අස්වැසුම ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියරේ සංගණන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව සුබසාධන ප්රතිලාභ සභාව පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමඟ සුබසාධක මණ්ඩලය සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
දෙවන වටයේ සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට ලබන සතිය දක්වා කාලය ලබාදීමට ද එහිදී තීරණය කර තිබෙනවා.
එමෙන්ම අස්වැසුම වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් හාරලක්ෂ හැත්තෑ පන්දහසක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.