― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවසර 14කට පසු බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයේ වෙනසක්

වසර 14කට පසු බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයේ වෙනසක්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වසර 14කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට ඡන්ද ගණන් කිරීම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර දැනටමත් කම්කරු පක්ෂය නිල වශයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව වාර්තා පළවන්නේ කෙයර් ස්ටාමර්ගේ මධ්‍ය-වාම පක්ෂයට අතිවිශාල බහුතරයක් ලබා ගනිමින් අගමැති ධුරය ලබාගැනීමට හැකියාව පවතින බවයි.

ඒ වත්මන් අගමැති රිෂී සුනක් නියෝජනය කළ කන්සර්වේටිව්වරුන් ගේ දක්ෂිනාංශික ආණ්ඩුව පරාජයට පත් කරමින්.

අද අලුයම වනවිට කම්කරු පක්ෂය ආසන 650 න් 326 ක් දිනා ගෙන තිබුනා.

ඒ අනුව 2015 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ප්‍රධාන මානව හිමිකම් නීතිවේදියෙකු වන කෙයර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අගමැති බවට පත්වනු ඇති.

ඔහු මේ වනවිට 61 හැවිරිදි වියේ පසුවනවා.

2020 වසරේදී ජෙරමි කෝබින්ගෙන් පසු ඔහු පක්ෂ නායකත්වයට පත් කෙරුණා. කෙයිර් ස්ටාමර්, බ්‍රිතාන්‍ය රාජකීය විමර්ශන සේවයේ ප්‍රධානියා සහ මහජන විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරය ද දරා තිබෙන බව සඳහන්.
අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට විපක්ෂ නායක ධුරය හිමිවනු ඇති.

බ්‍රිතාන්‍යයේ දේශපාලන ධුර කාල සීමාව වසර පහක් වන අතර 2019 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය ජයගනු ලැබුවා.

මේ අතර වත්මන් අගමැති රිෂි සුනක් සිය වසකට වැඩි කාලයක් තුළ කන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ නරකම ඡන්ද ප්‍රතිඵලය කරා රැගෙන ගිය නායකයා බවට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍යය ඡන්ද ගණන් කිරීමේ දිගු රාත්‍රියක් පහන් කරමින් ඇති අතර මේ වන විටත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි ඉඟියක් ලැබී තිබෙනවා.