― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමම අගමැතිකම බාර නොගත්තේ හොරු එක්ක වැඩ කරන්න බැරි නිසා

මම අගමැතිකම බාර නොගත්තේ හොරු එක්ක වැඩ කරන්න බැරි නිසා

මම අගමැතිකම බාර නොගත්තේ හොරු සමඟ වැඩ කිරීමට බැරි නිසා බවත් ජනවරමක් නොමැති ජනාධිපතිවරයා තමාගේ හොරුත් එක්ක ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (08) ගම්පහ පැවැති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ අයට රට ගොඩනගන්න තියා සංවර්ධනය කරන්නවත් නොහැකි බවත් රට වෙනස් කරන්න වුවමනාවක් නොමැති බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාවේ සිදුරෙන් රිංගා ගෙන තමන් පෝෂණය කරන කුඩා කණ්ඩායම් ටික කුප්‍රකට ගජමිතුරු සංගම් ටික රැක ගැනීම බවත් මේ සිටින්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් බවත් ජනතා බලයෙන් හා ඡන්දයෙන් ආව අයකු නොවන බවත් මොහුට පොදු ජනතාව ගැන හැගීමක් නොමැති බවත් ඔහුගේ අරමුණ තමන් බලයට ගෙන ආ රට විනාශ කළ හොරු කණ්ඩායම ආරක්ෂා කිරීම බවත්ය.

ජනතාව ඉදිරියට ඒමට මොවුන් බය වී ඇති බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට වාමාංශික බලවේග දක්ෂිණාංශික බලවේග, සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ආදී බහුතරය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වටා ඒකරාශී වී ඇති බවත් මෑත කාලයේ ආණ්ඩු බිහි වූයේ බහුතර ජන බලයෙන් නැත්නම් වෙනත් කොට්ඨාසවල සුළු ජනතාවගේ බලවේගවලින් වුවත් මෙවර සමගි ජන බලවේගය ඓතිහාසික වරමක් ලබා ගන්නේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වාර්ගික බෙදීම් ඉක්මවා ගොස් පොදුජන රජයක් ගොඩනගන බවත් සැනකෙළි වෙනුවට සේවය පරම යුතුකම බවට පත් කරන බවත් කල්ලිවාදය නොව සත්ජාතිකත්වය මැදමාවත තුළින් සමාජ ප්‍රජාත්න්ත්‍රවාදී ගමනක් තුළින් රට ගොඩගන්නා බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

තමා අගමැතිකම බාර නොගත් බවට වත්මන් ජනාධිපති කියන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ඉල්ලීම සිදුකරන විට ජනතාවගේ කොන්දේසි ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි ඉදිරිපත් කළ බවත් ජනතාවගේ ජන අරගලය පාවා නොදුන් බවත් එහිදී ගෝඨාභයට කොන්දේසිවලට එකඟ වෙන්න කිව්වත් පස්ස දොරෙන් ගිහින් වත්මන් ජනාධිපති බලයට බාර ගත් බවත් ජනාධිපති බලයට කෑදර වුවත් තමා බලයට කෑදර නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය අවස්ථාවේ රනිල් අස්කරලා අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළ බවත් තමා ප්‍රතිපත්තිගරුකව නිසි ස්ථාවරයේ එදා සිටි බවත් කුමන්ත්‍රණවලින් බලයට එන ගමන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් ආසනයක්වත් දිනා ගත නොහැකි දේශපාලනයේ කුණු කූඩයට වැටුණු අයට බලය නොමැති කොට නින්ද නොයන බවත් කොතැන සිටියත් ජන බලය ඇත්තේ සමගි ජන බලවේගය සතුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මනමාලයාට වඩා පිරුවටේ ඇදගෙන ආව කෙනා ආඩම්බරයි කියා කියමනක් ඇති බවත් අදත් වන්නේ එය බවත් අනුන්ගෙන් ඉල්ලාගත් තනතුරෙන් නිරුවත වසාගෙන ඉන්න ගමන් මනමාලයාට වඩා ආඩම්බරකාර පුද්ගලයකු අප රටේ සිටින බවත් මේ රටේ ජනතාවට උත්තර දෙන්න අවස්ථාව එන බවත් එළඹෙන ජනාධිපතිවරයේදී හොරු රකින රට බංකොලොත් කළ හොරු කණ්ඩායම ආරක්ෂා කරන මේ ආණ්ඩුව ගෙදර යවන බවත් වික්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ව්‍යවස්ථා කුමන්ත්‍රණවලින් ක්‍රමයේ වෙනසක් සිදුකළ නොහැකි බවත් ක්‍රමය වෙනස් කළ හැක්කේ ජනවරමින් පමණක් බවත් සමගි ජන බලවේගයේ සහ තමාගේ ඩීල් එක් ඇත්තේ ලක්ෂ 220 ජනතාව සමඟ බවත් හොරුත් සමග සමගි ජන බලවේගයේ ඩීල් නොමැති බවත් ජඩ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් එය ජනවරමත් සමඟ සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.