― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමාලු ටැංකියට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මාලු ටැංකියට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිද්දෙනිය, වික්‍රම මාවත ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි දරුවෙක් බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.