26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිනුර ප්‍රනාන්දුට දඩයක්

බිනුර ප්‍රනාන්දුට දඩයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආචාර ධර්ම සහ විනය චෝදනා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට දඩයක් නියම කර තිබෙනවා.

පසුගියදා (ජූලි 02) කලම්බු කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී බිනුර විසින් ක්‍රීඩක ආචාර ධර්ම කඩන ලදැයි චෝදනා ලැබ තිබෙනවා.

විනිසුරුවරුන්ගේ උපදෙස්වලට ගරු නොකිරීම සහ අවනත නොවීමේ චෝදනාවට ළ්ඵ්ළ් චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය යටතේයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

බිනුර ප්‍රනාන්දුට එරෙහිව පැවති විනය පරීක්ෂණයේදී හෙතෙම සිය වරද පිළිගෙන ඇති අතර ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක් ද ලබා දී ඇති බව ක්‍රීඩා ආරංචිමාර්ග පවසනවා.