26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් සේවකයින් අඛණ්ඩව වර්ජනයේ

තැපැල් සේවකයින් අඛණ්ඩව වර්ජනයේ

තැපැල් සේවකයින් අඛණ්ඩව දෙවැනි දිනටත් අද (9) වර්ජනයේ නිරත වනවා.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 90%ක් වසා දමා ඇති අතර මෙම වර්ජනයට දිවයින පුරා පිහිටි 4700කට අධික තැපැල් හා උප තැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයින් 20,000කට අධික පිරිසක් එක්ව සිටින බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

බඳවා ගැනීම්, ස්ථිර නොකිරීම් හා උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.