― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදුම්රිය වර්ජනය අදත් - දුම්රිය 35ක් ධාවනයේ

දුම්රිය වර්ජනය අදත් – දුම්රිය 35ක් ධාවනයේ

පසුගියදා (09) දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අරඹනු ලැබූ වැඩ වර්ජනය අදත් (11) ක්‍රියාත්මකයි.

කෙසේනමුත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාලීය දුම්රිය 35ක් අද ධාවනය කෙරෙන බවයි.

සිය වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

වාර්ෂිකව සිදු විය වැටුප් වැඩි නොවීම් සහ සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු සිදු නොකිරීම ආදී ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වනවා.

කෙසේනමුත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දහවල් 12 වනවිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් ළඟම ඇති දුම්රිය ස්ථානයක සේවයට වාර්තා කළ යුතු බවත් තවදුරටත් වර්ජනය කරන්නේ නම් නියත වශයෙන්ම ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත්ය.

ඊට පිළිතුරු දෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ
රැකියාව අහිමි වුවද වර්ජනය අත් නොහරින බවයි.