― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබස්නාහිර ත්‍රිරෝද රථ ගාස්තු පහළට

බස්නාහිර ත්‍රිරෝද රථ ගාස්තු පහළට

බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රීරෝද රථවල දෙවන කිලෝමීටරයට අයකරන ගාස්තුව අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට දෙවැනි කිලෝමීටරය සඳහා අයකරනු ලබන රුපියල් 100 රුපියල් දහයකින් අඩු කෙරෙනු ඇති.

මෙම ගාස්තු අඩුවීම ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේනමුත් මෙම ගාස්තු අඩුකිරීඉම යටතේ පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදුවන්නේ නැහැ.

නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අයකරන ත්‍රිරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් 0760450860 යන දුරකථන අංකයට හෝ වට්ස් ඇප් මඟින් දැනුම් දෙන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.