28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනේපාලයේ නායයෑමක් - 66 දෙනෙක් අතුරුදන්

නේපාලයේ නායයෑමක් – 66 දෙනෙක් අතුරුදන්

නේපාලයේ අධිවේගී මාර්ගයක සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 66 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් අතුරුදන්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථ දෙකක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (12) අලුයම මධ්‍යම නේපාලයේ මදාන් – අශ්‍රිත් අධිවේගී මාර්ගයේ මෙම අනතුර සිදුව ඇති අතර මේ වනවිට එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් මුදා ගැනීම් කටයුතුවලට ද දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

නේපාලයේ මධ්‍ය ප්‍රදේශයෙන් ගලා බසින ත්‍රිශූලි ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.