වර්ජනය අවසන් වුවද අද (12) දිනයේදී කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා.
දුම්රිය වර්ජනය අවසන්වීමෙන් පසු එම දුම්රිය ධාවනයට අවශ්‍ය දුම්රිය කට්ටල ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ස්ථානයට යැවීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු කිරීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කාර්යාල දුම්රිය 09ක් පමණ අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.