― political ―

රනිල් නත්තල් සීයා වගේ පොරොන්දු දිදී යනවා – තිස්ස

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි...
HomeHot Newsනෙදර්ලන්තයෙන් ගෙනා පොලිස් සුනඛයින් පැටවුන් බිහි කරයි

නෙදර්ලන්තයෙන් ගෙනා පොලිස් සුනඛයින් පැටවුන් බිහි කරයි

පසුගියදා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට ආනයනය කළ නිල සුනඛයින්ගෙන් ගැබ්බර ගැහැනු සුනඛයින් දෙදෙනකු පැටවු ප්‍රසූත කර තිබෙනවා.

එලෙස ආනයනය කළ සුනඛ කණ්ඩායමේ ගැබ්බර ගැහැනු සුනඛයින් තිදෙනකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට පැටවුන් 13 දෙනෙක් බිහි කර තිබෙනවා.

පැටවු බිහි කළ ගැහැනු සුනඛයින් අතරින් ඉංග්ලිෂ් ස්පැනියර් වර්ගයේ ටෙම් පාර්ඩ් යන ගැහැනු නිල සුනඛයා විසින් පිරිමි පැටවු 03කු සහ ගැහැනු පැටවු සිව්දෙනෙකු බිහිකර තිබෙනවා.

ලියා යන ගැහැනු සුනඛයා ද පිරිමි පැටටු 03ක් සහ ගැහැනු පැටව් සිව්දෙනෙකු ද බිහි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැටවුන් නිල සුනඛ කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ පශු වෛද්‍ය අමල් දිසානායකගේ පරීක්ෂාව යටතේ මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ නිරෝගීව සිටිනවා.