― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙනවා

යල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙනවා

යල කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර, දිලීරනාශක හා පලිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පොහොර බෙදා දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මීට අමතරව එළවළු, පළතුරු, බඩඉරිඟු වැනි අනෙකුත් බෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කටයුතු කර ඇති අතර කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ලබා දීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.