― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිවස ඉදිරිපිටදී වෙඩි කෑ ක්‍රිකට් ක්‍රීඩකයා

නිවස ඉදිරිපිටදී වෙඩි කෑ ක්‍රිකට් ක්‍රීඩකයා

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ධම්මික නිරෝෂන් ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අම්බලන්ගොඩ, කන්දවත්ත ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 2002 වසරේ වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන නැමැත්තා බව පොලීසිය තහවුරු කර තිබෙනවා.

මොහු දැනට විදේශගතව සිටින පාතාල කල්ලි සාමාජික සුරංග මානවඩු නැමැත්තාගේ ගෝලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

ධම්මික නිරෝෂන නැමැත්තා නිවස ඉදිරිපිට රැඳී සිටි අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.