මැල්සිරිපුර, පන්ලියද්ද ප්රදේශයේදී අද (17) අලුයම සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අද (17) අලුයම 2.00ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.