31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙරළුණු තෙල් නැවේ සිටි 09 දෙනෙකු බේරා ගනී

පෙරළුණු තෙල් නැවේ සිටි 09 දෙනෙකු බේරා ගනී

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී පෙරළුණු ඉන්ධන නෞකාවේ සිටි 16 දෙනාගෙන් 09 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

MT Prestige Falcon නමැති මැරීන් ට්‍රැෆික් සමාගමට අයත් මෙම ඉන්ධන නෞකාව ඊයේ ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වුණා.

ඉන්දියානු නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. ටෙග් යුධ නෞකාවෙන් මොවුන් 09 දෙනා බේරාගෙන ඇති අතර එලෙස බේරා ගත්තවුන් අතර ශ්‍රී ලාංකිකයෙක්ද සිටින බව සඳහන්.

බේරාගත් අනෙක් 08 දෙනාම ඉන්දියානු ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කොමරෝස් ධජය යටතේ ගමන් ගත් මෙම MT Prestige Falcon නම් නෞකාව ඕමානයේ Duqn වරාය නගරයට ආසන්නයේ Ras Madrakah සිට නාවික සැතපුම් 25ක් ගිනිකොන දෙසින් පෙරළීමෙන් ඊයේ අනතුරට ලක් වුණා.