28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝවිලේදී අඹ ගෙඩි 02ක් ලක්ෂ 06කට අලෙවි වෙයි

කෝවිලේදී අඹ ගෙඩි 02ක් ලක්ෂ 06කට අලෙවි වෙයි

අඹ ගෙඩි 02ක් රුපියල් ලක්ෂ 6කට වෙන්දේසි වීමේ පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කිලිනොච්චිය, පලෙයි, කචර්වේලි තන්තෝනාරි ගණදෙවි කෝවිලේ වාර්ෂික මංගල්‍යය පසුගිය 13 වැනිදා කොඩිගස එසවීමෙන් ආරම්භ වුණා.

එහි 05 වන දිනය වූ ඊයේ (17) දිනයේදී අඹ මංගල්‍යය පවත්වනු ලැබූ අතර එහිදී අඹ ගෙඩි 02ක් රුපියල් ලක්ෂ 6කට වෙන්දේසි වී තිබෙනවා.

කචර්වේලියේ, ආරියකුට්ටි ගම්මානයේ සිට විදෙස් රටකට ගොස් නිවාඩුවකට පැමිණ සිටි වල්පිල්ලේ භූලෝකම්ගේ නැමති පවුලේ උදවිය විසින් මෙම අඹ ගෙඩි දෙක මිලදී ගෙන තිබුණා.

මෙම අඹ මංගල්‍යයේදී ගණ දෙවියන්ගේ පූජාව සඳහා තැබූ අඹ වට්ටිය වෙන්දේසි කරනු ලබන අතර හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ එලෙස මිලදී ගත් අඹ නිවසේ උස් තැනක එල්ලා තැබීම තුළින් එම නිවසට හා නිවසේ උදවියට සශ්‍රිකත්වය හා වාසනාව උදාවන බවයි.