― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලොව පුරා පරිගණක පද්ධතිවල බිඳවැටීමක්

ලොව පුරා පරිගණක පද්ධතිවල බිඳවැටීමක්

ලොව පුරා රටවල් රැසක හදිසි තොරතුරු තාක්ෂණ ඇනහිටීම් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලොව පුරා බැංකු, කොටස් හුවමාරු, මාධ්‍ය සමාගම් සහ ගුවන් සේවා මේ හේතුවෙන් අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් සමාගමේ පරිගණක යටිතල පහසුකම් අඩාල වීම හේතුවෙන් බොහෝ රටවල ගුවන්තොටුපළ වසා දමා ඇති අතර බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇත.

බ්‍රිතාන්‍යයේ ඇතැම් මාධ්‍ය ආයතනවල කටයුතු ද අඩාල වී ඇති අතර ලන්ඩන් කොටස් වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර ඇත්තේ එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටින බවයි.