― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරටේ සම්පත් කොල්ලකෑමට ඉඩ දෙන්නේ නැහැ

රටේ සම්පත් කොල්ලකෑමට ඉඩ දෙන්නේ නැහැ

උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් තුන පිළිබඳව වහාම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම ගිවිසුම් අත්සන් කරන බවට ඉන්දීය හින්දුස්ථාන පුවත්පත කරුණු අනාවරණ කර ඇති බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම මෙතෙක් රටට අනාවරණ කර නොමැති බවත් ශ්‍රී ලංකාව හා චීනය අතර හිටි හැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් උන් වහන්සේ එම ලිපියෙන් පෙන්වා දෙයි.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මුදල් සොච්චමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බවයි.