― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබණ්ඩාරගම සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරගම සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරගම නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ තුන්වන මහලේ පිහිටි පුද්ගලික ආයතනයක පිටුපස කොටසේ වායුසමීකරණ යන්ත්‍රයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් එහි තිබූ ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුව ඇති අතර හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම ගින්න නිවා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල දේපල හානියක් වැළකී ගිය බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර සිඩ්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.