― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සදහා සහභාගී වීම සඳහායි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යු.කේ.- 6107 දරන විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 03.54 ට ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි.

පළමුව විස්සයි විස්ස තරග 03 කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන 07/27 දින, 07/28 දින සහ 07/30 දින රාත්‍රී 07.00 ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 08/02, 08/04 දින සහ 08/07 යන දින තුන තුළ පස්වරු 02.30 ට මෙම එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.