― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentනෝර්වුඩ් හිදී ගිලන් රථයක් අනතුරට

නෝර්වුඩ් හිදී ගිලන් රථයක් අනතුරට

දික්ඔය මූලික රෝහලේ සිට නෝර්වුඩ් ස්ටොක්හෝම් වතුයාය දක්වා ධාවනය වූ ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (22) පස්වරු 4 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝනොර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ එම වතුයායේ රෝගින් තිදෙනෙකු රැගෙන ධාවනය වූ ගිලන් රථය නෝර්වුඩ් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිලන් රථය ලිස්සා ගොස් මාර්ගය අයිනේ පිහිටි බෝක්කුවක ගැටී තිබෙනවා.

මෙම අනතුරෙන් කිසිවෙකු තුවාල සිදු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.