― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅස්වැසුම දෙවැනි අදියරේ සංගණනය 31 වැනිදායින් අවසන්

අස්වැසුම දෙවැනි අදියරේ සංගණනය 31 වැනිදායින් අවසන්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වනවිට අවසන් කිරීමට නියමිතයි.

එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේදී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙන බවත්, එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න ඊයේ (22) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවා.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම සෑම අයදුම්පතක්ම සංගණනය වෙනුවෙන් තොරතුරු රැස්කිරීම IWMS මෘදුකාංගය හරහා සිදුකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම සංගණන නිලධාරීන් පත්කර තිබෙන බව පැවසූ ඒ මහතා එම නිලධාරීන් අදාළ නිවෙස් වෙත ගොස් පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කොට ජංගම යෙදවුම හරහා සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයට ඇතුළත් කරන බවද සඳහන් කළේය.

එම සංගණන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංගණන අධීක්ෂණ නිලධාරියෙකු පත්කර තිබෙන බවද විජේරත්න පැවසීය.

එසේම හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ සංගණන නිලධාරියා විසින් තොරතුරු පද්ධති ගතකළ පසුව සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ තොරතුරු නිරීක්ෂණය කළ හැකිය. එම සංගණනය අවසානයේ අදාළ පවුල්වල තොරතුරු තේරීම් කමිටු විසින් අධීක්ෂණය කරනු ලබයි.

තේරීම් කමිටු විසින් සංගණනය කළ පවුල් තොරතුරු අධීක්ෂණය කර තෝරා ගැනීමේ නිර්ණායක ගණනය කිරීම සඳහා අනුමැතිය ලබාදීම සිදු කෙරේ. මෙලෙස තෝරා ගැනීමේ නිර්ණායක ගණනය කර දරිද්‍රතාවය ගණනය කිරීම සඳහා ලකුණු ලබාදීමක් සිදු කරන අතර එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස තත්ත්වය සහ පවුලේ ජනවිකාශය යන මාන 06ක් ඔස්සේ විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදු කරනු ලබයි. පසුව සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය පද්ධතිය විසින් සකස් කෙරේ.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීම සිදුකරයි. ‍

මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34 ක් පමණ ලැබී තිබූ අතර එයින් 1,854,000ක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීය. ඒ සඳහා රජය විසින් ලබාදුන් මුදල රුපියල් බිලියන 58.5 කි. මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ක්ෂේත්‍ර තොරතුරු එක්රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම් ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් (Mobile App) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

මෙම ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කිරීමේ දී සෑමවිටම නිවැරැදි තොරතුරු ලබාදෙන ලෙස ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා සිටියේය.