― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකෝටියක ගජමුතු සමඟ අයෙක් අත්අඩංගුවට

කෝටියක ගජමුතු සමඟ අයෙක් අත්අඩංගුවට

පුත්තලම පොලිස් වසමේ පාලවිය හන්දියේදී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් ගජමුතු 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (24) පස්වරුවේ සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

එම අවස්ථාවේදී මෙම පුද්ගලයා සතුව තිබී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් ගජමුතු 02ක් සොයා ගැනුණු බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.