― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentඑකම පවුලේ දෙදෙනෙක්ට මරු කැඳවූ රිය අනතුර

එකම පවුලේ දෙදෙනෙක්ට මරු කැඳවූ රිය අනතුර

පිටිගල – මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් එකම පවුලේ පිය පුතු දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊඉයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල්ගත කර ඇති අතර මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.