― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මානිප්පායි පොලිස් වසමට අයත් කට්ටුඩෙයි ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංගානෙයි නිර්සාමම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මුකුන්දන් දීපා නමැති කාන්තාවකි.

එම කාන්තාව සමඟ යතුරුපැදියේ ගමන් ගත් ඇගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තෙල්ලිපලෙයි මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනු ලබනවා.