― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතුවලට අපි සූදානම්

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතුවලට අපි සූදානම්

ජනාධිපතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදු කිරීමට මේ වනවිට සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

ඊට අවශ්‍ය කරන සියලුම මූල්‍ය ප්‍රතිපාදන ද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි ඇය මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන බව දන්වමින් අද (26) උදෑසන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.