අගෝස්තු මාසයේදී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන වසරේ මුල් කාර්තුව වනවිට පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය පහසු කරන බවයි.
ඒ අනුව එහි පළමු අදියර ලෙස ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනයට අවසර ලබාදෙන බවත් 2025 පළමු කාර්තුවේදී පෞද්ගලික වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.