― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsT20 තරගාවලියේ ජය ඉන්දියාවට

T20 තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයගත්තේ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කළා.

තරගයේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ජයග්‍රහණය සඳහා පන්දුවාර 08ක් තුළ ලකුණු 78ක ඉලක්කයක් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය පිළට හිමි වුණා.

එම ඉලක්කය පන්දුවාර 06යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර ගිය ඉන්දීය කණ්ඩායම දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයග්‍රහණය කළා.

විස්සයි විස්ස තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම විශේෂත්වයක්.