ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා.
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන බවත් තම පක්ෂයේ උත්තර මණ්ඩලය සහය දෙන්නේ කාටද යන්න පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නොමැති නමුත් විපක්ෂ නායකවරයා ගැන විශ්වාසය පළ කරන බවත්ය.