― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක්

ශ්‍රී ලංකාව සමග පැවති T20 තරඟාවලිය ඉන්දියාව ඊයේ (30) ජයගත්තා.

ඊයේ පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් සුපිරි ඕවරය ජයගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය පිල සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 137ක් රැස් කළා.

ඉන්දීය පිළ ලබාගත් වැඩිම ලකුණ වන ලකුණු 39 ලබා ගත්තේ Shubman Gill විසින්.

පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 138ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා ගත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු 46 රැස්කළේ කුසල් ජනිත් පෙරේරායි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී කඩුලු 2ක් දැවී රැස් කළේ ලකුණු 2ක් පමණයි.

ඒ අනුව කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරා ගත් ඉන්දීය කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.