30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයෙන් ලබාදෙන දීමනා වැඩි කිරීමට සැලසුම්

රජයෙන් ලබාදෙන දීමනා වැඩි කිරීමට සැලසුම්

වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා, ගොවි විශ්‍රාම වැටුප් ආදී දීමනා වැඩි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

එම ගෙවීම් රුපියල් 3000කින් පමණ ඉහළ යනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව එම සහනාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර සැප්තැම්බර් මාසයේ සිට සංශෝධිත සහනාධාර ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන තිබෙනවා.