― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකේරළ නායයාමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කේරළ නායයාමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කේරළයේ වයනාඩ් ප්‍රාන්තයේ සිදුවූ දැවැන්ත නායයාම හේතුවෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පවසනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා.

කේරළ ප්‍රාන්තයේ සිදුවූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 200කට අධිකයි.

එමෙන්ම පුද්ගලයින් 180 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ මියගිය අය අතර ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් දෙදෙනෙකු සිටින බවයි.