― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිශ්‍රාමිකයින්ගේ අන්තර්කාලීන දීමනාව ඉහළට

විශ්‍රාමිකයින්ගේ අන්තර්කාලීන දීමනාව ඉහළට

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට ලබා දෙන රුපියල් 2500 දීමනාවට තවත් රුපියල් 3000ක් එකතු කර සැප්තැම්බර් මාසයේ සිට අතුරු දීමනාවක් ලෙස රුපියල් 5500ක් ලබාදීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක වනතුරු මෙම අතුරු දීමනාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට විශ්‍රාම වැටුප් ලබන රජයේ විශ්‍රාමිකයන් ලක්ෂ 7ක් පමණ සිටින බවත් ඒ අනුව 2024 වසරේ මෙම අතුරු දීමනාව ලබාදීමට රජයට රුපියල් බිලියන 8.4ක අමතර වියදමක් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ණය කළමනාකරණයේ අභියෝග මධ්‍යයේ වුවද විශ්‍රාමික රාජ්‍ය සේවකයන් මේ වන විට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ රජය කඩිනම් කෙටිකාලීන විසඳුමක් ලෙස මෙම පියවර ගත් බව ඇමැතිවරයා පැවසීය.