― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් වුණා.

ඒ ජෙෆ්රි වැන්ඩර්සේගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව මෙම තරගය ජයගනු ලැබුවේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 240ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් 30ක් රැස් කළා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් බැගින් රැස් කළ අතර පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් කඩුලු 03ක් සහ කුල්දීප් යාදෙව් කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉනිදිය කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ගොඩනඟමින් ප්‍රබල තැනක පසු වුණා.

කෙසේ වෙතත් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල දවාගත් ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළා.

ඒ අනුව ලකුණු 33කට කඩුලු 06ක් දවාගනිමින් ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වීරයා බවට පත් වුණා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.