29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentරිය අනතුරකින් ගැබිණි මවක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් ගැබිණි මවක් ජීවිතක්ෂයට

ගාල්ල -කොළඹ මාර්ගයේ ඊයේ (06) සිදු වූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක්.

ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ – ගාල්ල මාර්ගයේ ඕ.එල්.වී. විදුහල් හන්දිය අසළදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් ගැබිණි කාන්තාව සහ කුඩා දැරියක් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදීටි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ලොරි රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.